අප ගලවා ගැනුමට
පුන ගැයුම:
අප ගලවා ගැනුමට මේ ලෝ වැඩී බව
සිරි සිරුරෙන්ම අප පෝෂ්‍ය කෙරූ බව
සිහිකර උදම් වෙමින් ඔබ පසසන්නෙමු
ජය ජය වේ තුති මංගලවේ //
සමිදුන් නිවහනේ එතුමන් පසසන්න
නිල්වන් නුඹ කුසෙහි එතුමන් පසසන්න
බලවත් කි්‍රයා සමිදුන්ගේ පසසන්න
තේජවත් මුනිගෙ මහ.තුම් බව පසසන්න
හොරණෑවේ මහ.ඬින් එතුමන් වනනූ
වීනාවේ තත් මැද ඒ ගුණ ගයනූ
රබන් නදට මුනිදුන් පසසා නටනූ
තතින් තතට වයමින් සුසිරය පිඹිනූ
මහ හඩ නංවා අත්තාලම් ගසනූ
කිංකිණි හඩවා අත්තාලම් ගසනූ
හුස්ම තිඛෙන මෙලෝ සතුනි එකතු වෙනූ
විශ්ම ජනක මුනිදුන් පැසසුම් කරනූ