← Hymns බොදුන් ගී

ප්‍රේමය පතමු

පුන ගැයුම:

ප්‍රේමය පතමූ ප්‍රේමය විඳිමූ ප්‍රේමය ඛෙදමූ
අපි එක් වී //

ඔබ හද මා වෙත මගෙ හද ඔබ වෙත සිටිනට නිති දිනයේ
අප හද එක සේ සිටිනට නිසි සේ යොදවමු ප්‍රේම බලේ

ඔබ විඳිනා දුක මගෙ වෙයි නෑ සැක සැමදේ එකට පෙනේ
මාගේ පි්‍රතිය ඔබටත් අයිතිය ප්‍රේමයෙ අගය දැනේ

මගෙ එක පණතයි එය සැම කලටයි ප්‍රේමය පෙන්වන්න
ඉසිකෝ වෙරහැර සාමය ඇති කර සැම දෙන පිළිගන්න