නෙතට නොපෙනී
නෙතට නොපෙනී මිනිසි මාගේ
සැඟැවී ඉන්නේ දෙවිදුනේ
හරිම ආසයි ඔබ දකින්නට
මගේ මසැසින් දෙවිදුනේ
සදා ආදරයේ ///
කියන්නට මට බොහෝ දේවල්
හිතෙනවා දෙවි සමිදුනේ
හදේ ගිනිදැල් සුසුම් කදුලැලි
ඔබ දනී මගෙ දෙවිදුනේ
සදා ආදරයේ ///
මගේ සුහද වූ මිතුරු මිතුරියෝ
වැටි දෙදණින් දැන් යදී
පිහිට ඔබගේ සුහද දෝතින්
දෙන්න සමිඳේ මේ දිනේ
සදා ආදරයේ ///
බලා සමිදුනි හෙළ පුතුන් ඔබ
ගෙවන ජීවය මේ දිනේ
අඩන අම්මට තැවෙන පියහට
දෙන්නැ සහනය සමිදුනේ
සදා ආදරයේ ///
මගේ පවුලේ සැම දෙනාටම
පිහිට වෙන්න.ප සමිදුනී
ඔබට දහසක් පින් කියන්නෝ
ඔබමැ දරුවෝ මේ දිනේ
සුහද සමිදාණෝ //
ආදරෙ කිරි සාගරෙ ලොව
ඔබයි මගේ එක දෙවිසුරෝ
ඔබට පින් දෙමි වැටී වඳිනෙමි
දකින තෙක් ඔබ මගෙ නෙතින්
සුහද සමිදාණෝ //