නිල් තණ ගොල්ලේ
පුන ගැයුම:
නිල් තණ ගොල්ලේ මා සතපන්නෝ
සමිදු එඬේරාණෝ
ආදර මුවිනේ වදන් සමන් මල්
මා හද පුබුදු කෙරෙ //
දෑසම නොපියා නොනිදා සමිදා
පා ලිස්සීමට නොම දෙයි කිසිදා //
ගලවයි නපුරෙන් යන එන මග මා
පැතුම් හැමට මගෙ ඔබ ඉටු දෙවිදා
නිල් දිය අසලින් සිසිලක් දෙන්නයි
දඩු සැරයටියෙන් සැනසුම දෙන්නයි //
මා හිස තෙල් ගා පත උතුරා යයි
බිය වන්නේ නෑ ඔබ මා සමඟයි
සමිදුගෙ දකුණ.ත සෙවන සදනවා
සිටිමි සැදි මම බලා සිටිනවා //
සන්තක කර හැම මග මා එනවා
මෙමට සතුට ඔබ වෙතම තිඛෙනවා