සෙවනැලි මත
සෙවනැලි මත සෙවනැලි මත සෙවනැලි එන්නේ
ගඟ ගල ගල ගඟ ගල ගල පාවෙනු වැන්නේ
ඉහළට ගත් සුසුමට එනදුක කකියන්නේ
පෙර සුසුමෙන් ආ දුකටයි නැත නවතින්නේ
ජීවිතයට රස කැව්වා ආදර බස් කිව්වා
මළවුන් නැගිටෙව්වා සත සෙත සැලසෙව්වා
ගිය තැන ගුණ වැව්වා පාපෙට ණය ගෙව්වා
ඉරණම ඔහු සෙව්වා මොහු මරවයි ලිව්වා
කදු ගැටයක් සෙව්වා එය නගිමියි කිව්වා
කුරුසයකට යැව්වා වැටි වැටි මග ගෙව්වා
දස දුක රස කැව්වා දෑතට ගෙන බිව්වා
කුරුසේ සැතපෙව්වා මට පින් පැමිණෙව්වා