බලව් බලව් කුරුසේ
පුන ගැයුම:
බලව් බලව් කුරුසේ - එල්ලෙන ජේසු අනේ
තුවාල මුළු සිරුරෙ - උල්පත් සැනසීමේ
කුරුසේ ගැලවීමේ - කුරුසේ ජීවිතයේ
කුරුසේ උත්ථානේ - වැලදැ ගනිමු කුරුසේ
අත් මිටි පහරින් ඇන්නෝ - මුහුණට කෙළ ගැසුවෝ
අල්ලෙන් කම්මුල් තැළුවෝ - වට කැරැ ගත් සතුරෝ
පිට එක හැටියේ හෑවෝ - පිට දිගටමැ හෑ වෝ
කස පහරින් පිට පැළුවෝ - සිරුරෙ සුව නැසුවෝ
උල් කටු වළල්ල සිරසේ - ඔබා එ හිර කෙරුවෝ
උල්කටු මසටමැ කැව්වෝ - ලෙයින් මුහුණ තෙමුවෝ
එළියක් කුරුසෙන් දිස්වේ - ලෝකෙට ආලෝකේ
ඔබ වෙතැ අප ඇදැ ගන්නේ - ගිවිසුම සලක ඔබේ