← Hymns පාස්කු ගී

නැගිටිව් එක්වව්

නැගිටිව් එක්වව් // කිතු සදු තුල නැගිටිව් //
මරණය ජය ගත්තෝ කිතු සදු තුල නැගිටිව්
පාපය පැරදුව කිතු සදු තුල නැගිටිව්
නිදහස ලැබ දුන් /// කිතු සදු තුළ නැගිටිව් //

පෙරමුණ ගෙන අපි // දෙපාප පෙරට තබව්
පසුබට වනු ඇයිදෝ නැත පට හේතු දනිව්
කිතු සදු කුරුසියෙ ජය ටැඹ මනු අප වෙව්
අත්වැල් බැඳගෙන /// පෙරටම ගමන් කරව් //

පිරිහුන් මිනිසට // ලැබදුන් විමුක්තියයි //
පාස්කු විකුම් ගෙනා සලකුණ සංකේතයි
පාස්කු සුවඳින් වත්මන් පණිවුඩයයි
පිරිපුන් මිනිසට /// ලැබදෙන විමුක්තියයි //

නොනිදව් පිබිදෙව් // අවදිව මිනිස් පුතුන් //
විචරා සවන් නොබා කිතුනට පිළිතුරු දෙව්
හදකින් හදකට කිතුදුන් ජය පවසව්
විශ්වය වෙත නව /// මැවිල්ල ලෙස සමිදුන් //