ආලෝකයේ දරුවෝ
පුන ගැයුම:
ආලෝකයේ දරුවෝ වමු අපී
සමිදුන් කී විලසින්
ආලෝකයේ දරුවෝ වමු අපී
තම විශ්වාසය තර කරමින්
කිතු සමිදුන් තුළ පෙම් වඩමින්
බලාපොරොත්තුව ඇති කර ගන්නට ආරාධනා //
මිසදිටු අදහස් දුර හරිමින්
සැබෑ දහම් හර පිළි ගනිමින්
කිතු හිමි පෑ මඟැ පියමං කරනට ආරාධනා //
තමකම මුලිනු.පුටා දමමින්
අනුනට දයාව පතුරුවමින්
කරුණා ගුණයෙන් පිරිපුන් වන්නට ආරාධනා //
ගුරු දෙගුරුන් හට ගරු කරමින්
වැඩිහිටියන් අණ පිළිපදිමින්
සිය ජීවන මඟ සරුකර ගන්නට ආරාධනා //
පවුලේ සමගිය රැකගනිමින්
තම සතු යුතුකම් ඉටු කරමින්
දින දින දියුණුව වෙත එළඹෙන්නට ආරාධනා //
රට දැය සමයට හිත යොදමින්
සේවය හරිහැටි ඉටු කරමින්
මතු පරපුර වෙනුවෙන් වැය වන්නට ආරාධනා //