← Hymns පාස්කු ගී

පවුරු බිඳන්

පවුරු බිඳන් වැට කඩුලූ මැදින් - අදුර බිඳන්
ලොව එලි කරවන් - ගිනිලව් // ලොව ගිනිලව්
දහමේ ගිනි දැල්ලෙන් - දැල්ලෙන් // දහමේ ගිනි දැල්ලෙන්
මිනිස් බවින් පිරි මිනිස් හදක් වෙත ජීවිත අරථය පහදා
දෙන්නට // පෙරටම එනවා //කිතු බැති ජනතාවෝ//

යුක්තිය සත්‍යය රජ කරවන්නට - මුදිතා කරුණා
අවිහිංසාවෙන් - සරසව් // ලොව සරසව්
කිතු දම් සංජීවෙන් - ජීවෙන් // කිතු දම් සංජීවෙන්
අසහන සිතුවම් බැහැර කරන්නට සහනා ලෝකය පැහැ
කරවන්නට // පෙරටම එනවා// කිතු බැති ජනතාවෝ//

තැලී පෙලී තෙරපෙන ජනතා - විමුක්ති සටනට
පිවිසෙනවෝ - එක්වව් // පෙරටම යව්
දිරිදුන් සමිදුන් හා - සමිදුන් // දිරිදුන් සමිදුන් හා
පීඩිත ජනතා අතරම තෙරපී විමුක්ති සටනට
අත දෙනවෝ // පෙරටම එනවා // කිතු බැති ජනතාවෝ //

වංශයෙ පංතියෙ දූලි ගසා බිඳ - මිනිස් බවේ
ගුණ කිරුල හොවාගෙන - පිබිදෙව් // අද පිබිදෙව්
කිතිදුන් දිවි ගෙවමින් - ගෙවමින් // කිතිදුන් දිවි ගෙවමින්
පවු ඇලි අදුරෙන් මිදුනෝ අපි ආලෝකය දිවි
ලැබුවෝ වෙනවෝ // පෙරටම එනවා // කිතු බැති
ජනතාවෝ //