← Hymns මුනිවර ගීතිකා

සෙබස්තියන් මුනි සදුනේ

පුන ගැයුම:

සෙබස්තියන් මුනි සදුනේ
නයුවා අප හටනේ
කිතුන් ලෙයට ඔඛෙ පණට වඩා
ඇලුම් වඩා දිවි පිදුවෝ

බිඳක් නෑර ඔඛෙ ලේ
කිතුන් නමින් සින්දේ
නෑ නෑ ඔබ මැරුණේ
සෙබස්තියන් මුනි තුමනේ

දෙසෝයුරන් දිරි බා
යන හැටි විමස බලා
ලහි ලහියේ දෙසුවේ
කිතුන් පසට උන් හරවා

ලෙඩ උවදුරින් පෙළී
වසංගතින් බියැවී
තැවෙමින් සිටින අපේ
අයැදුම් ඔබ හට නඟමෝ

සර රැස ඔබ පැහැරූ
බැමි අත පය බැඳපු
නමට කිතුන් දෙස් නේ
ඒ ඔබ සැරැසුම් වන්නේ

සැහැසි විනිස කරුවෝ
ඔබ කෙලෙසා දැම්මෝ
කිතුන් පසින් නොබිඳී
ඒ නම ළෙහිලා රැකියෝ

කිතුන් රැසේ දරුවෝ
ඔබ හා අතතැ බැඳී
ළය පේ පෙරට දිදී
එමු එමු අපි දිවි නොතකා