සුහද ප්‍රේමයේ
පුන ගැයුම:
සුහද ප්‍රේමයේ අනගි ලකුණ වේ
අප සැම ගැලවූ දිව්‍ය සිරුර වේ
ඔබ දහමේ රස ඉතිරෙ ඝනදුර පහවේ
හදට වඩින ඔබගුණ අප මුවගේ රැව්දේ
මිහි මඩලේ ඔබ දහමේ රසයෙ සැරිසරා
එලෙස මෙලොව දෙලොව රජෙකු වනු මැනේ සදා
ලොවට ඛෙදේ ඔබ සාමේ බිය සැක දුරුවේ
දැහැමි මගේ එන මෙ අපේ දිවි ඔබ සතුවේ
දැමුනු සිතේ පවිටු හදේ කිලිටි බව නැසේ
නිමල හදේ සතුටු සිතේ නිති ඔබ රජවේ