← Hymns බොදුන් ගී

අමා රජිදුනේ

පුන ගැයුම:

අමා රජිදුනේ ඔබයි දෙවිදු ප්‍රේමයේ
සැම වෙනුවෙන් දිවි දෙමින් මරණෙ ජය ගතී

සොවුරු පිණිස දිවිය පුදන ප්‍රේමයයි අගේ
කිතු සමිදුන් අප වෙනුවෙන් පිදෙයි දෙවිදුනේ

නොඛෙදී පිදෙන ආදරයකි සැමට නොඅඩුසේ
සලකුණ වෙයි හිතැති දනගෙ ලොවක ඉදිරියේ

සමඟි සිතින් එක්සත් වී ජය ගොස නගමූ
මැරවරකම් හොර වංචා පිළිකුල් කරමූ

සදා සැපත ලබන ලෙසින් කිතු සමිදුන්ගේ
අවංකවම සැම කටයුතු සපුරා කරමූ