සමිදු දෙවිෙඳ
පුන ගැයුම:
සමිදු දෙවිෙඳ වඳිමු රජිඳ ඔබ සමගයි සුහද දසූ
අවදි නෙතින් දිවිගෙවන්න දෙන්න ආසිරි සදා සැපේ
රැකවරණය ලැබ දෙන්නේ සැම සත හට සමිදාණෝ
අගහිඟකම් කිසිලෙසකින් සැම කල්හී ඇති නොවෙතී
නිල් තණ මත මා සතපන දෙවිදු ඔබයි සුව සැපතේ
මා ගෙනයන නිසල දියේ පහස ලබා හද පිබිදේ
නිසි මගමත මා ගෙනයේ සූ නාමේ පිදුම පතා
මිටියාවත අදුරු වූවත් සැරි සරමී බිය නෙරපා
සැරයටියයි දිගු කෙවිටයි ලැබදෙන්නේ සැනසීමයි
මා පිණිසයි රසකරනේ බොදුන් සදා රුපු හමුවේ
හිස ගල්වා ආලේපෙන් බදුන පිරි ඉතිරි යයි
සුහද බවේ කුලුණු බැලුම් මා පසු පස දිව එන්නේ
සියලු කලේ මා වෙසෙනෙමි සමිදුන්ගේ සුර නිවසේ
පිය පුතුටත් සුදතුනටත් නිති කල්හී මහිමය වේ