යාවේ සමිදුනේ
පුන ගැයුම:
යාවේ සමිදුනේ මාගේ දකුණ.තේ
සුලැඟිල්ලෙන් අල්ලාගෙන ගෙන යනු මැන
ඔබේ මාවතේ
සතුරු උවදුරින් මුදා අනන්තයේ නිවහන වෙත මා ගෙන යනු
මැන මගෙ දෙවි යාවේ සමිදුනේ යාවේ සමිදුනේ
මරණයෙ මහ උවදුරින් ද පාපයෙ මහ ඝනදුරින්ද මා මුදවා
රැක ගනු මැන යාවේ සමිදුනේ යාවේ සමිදුනේ
කොහෙට ගියද ඔබ වෙති එහි එබැවින් මා ඔඛෙ
පෙමින්ම මා පුරවා
ගෙන යනු මැන යාවේ සමිදුනේ යාවේ සමිදුනේ