← Hymns බොදුන් ගී

වරල් සලා

පුන ගැයුම:

වරල් සලා යන මාළුවනේ
තටු විදහා යන කුරුල්ලනේ
තොප මැව්වේ කවුරුන්දෝ
තොප සුරකින්නේ කවුරුන්දෝ

තොප මැව්වේ සමිදාණෝ
තොප සුරකින්නේ සමිදාණෝ

පිපිමල් මත රස සුවඳ හලා
සමනලු ඒ මත සතපවලා
සතුටින් ඉපිලෙන සියොතුන් හා
සොබා දහම සුරකියි සමිදා

මිනිස් අපව උන් සැමට වඩා
අගනා බව කී කිතු සමිදා
සිය සුදු සිරුරද හැමට ඛෙදා
අප සුරකියි නිති හෙවන සදා

ඔබ හා අප නිති ඇසුර පතා
අප ගත සිත ඔබ වෙතට යොමා
ඔබ ගුණ ගයනට ලෝ සැමදා
දෙනු මැන අපහට සත් වරමා

සමිදුනි ඔබ හට තුති වේවා
ඔඛෙ නාමය නිති රැව්දේවා
ඔබ කරුණා ගුණ විහිදේවා
ඔබ සදහට ලොව වැජඹේවා