← Hymns බොදුන් ගී

ඔබේ දයා සෙනේ

පුන ගැයුම:

ඔබේ දයා සෙනේ කියා සදු පායනවා
ඔබේ සදා මහිමෙ කියා හිරු පායනවා
ඔඛෙ කරුණා ගුණය කියා පොද වැසි හැලෙනා
ඔබේ සිසිල් සෙවන ගෙනා දහමේ සොබනා

සසර සරණ දුගී පවස ඔබ නිවන්නෙද
සත අසරණ විඩා ගිමන ඔබ නිවන්නෙද
කදුළු දවන දෙනෙත සදුන් ඔබ නොවන්නෙද
සුහද දහම් අමා සිසිල ඔබ නොවන්නෙද

මල් ගොමු පිරිවරා බඹරු ඔබ ගී ගයනා
ගල්පර සෝදා සාගර රැළි කව් කියනා
තුරු අතරින් ගලා ළහිරු ලොව නලියවනා
සොබා සිරිය දෙව් වත පෑ කැටපත් කෙරුනා