← Hymns බොදුන් ගී

මිනිස් සතට

පුන ගැයුම:

මිනිස් සතට ජීවය දෙන සිරි පූපය ඔබයි සමිඳ
සසර පුරා දිවි සතපන සුදු පූපය ඔබයි සුරිඳ //

අපේම ලොව අප සොයනා
ඉසුරු සැපත් අනියතදෝ
සදා සැපත නතු කරනට
ඔබ පසුපස අපි එනවෝ

අප වෙනුවෙන් දිවි පිදුවේ
ආදරයක් වෙනුවෙන්දෝ
එවන් පෙමක් අසල් වැසිට
නිති කරනට අපි එනවෝ