← Hymns බොදුන් ගී

ගගන සරන

ගගන සරන කුරුල්ලනේ
දේදුන්නට පැහැය දුන්නෙ කවුරුදෝ කියව් කවුරුදෝ
සදාතනික දෙවිදුන්මය සදාතනික දෙවිදුන්මය ඒ
දේදුන්නත් උඩින් සරන පිනැති කුරුල්ලනේ මෙලෙස
සුළඟ ගයන ගීය අනුව තාලයකට පියා සලා
පසසව් එතුමා

සඳ වතුරෙහි සිනහ සලන
සුපිපි මලේ ඔබව මැව්වෙ කවුරුදෝ කියව් කවුරුදෝ
සදාතනික දෙවිදුන්මය සදාතනික දවිදුන්මය ඒ
සඳත් සමඟ සිනහ නගන සුපිපි සමන් මලේ මෙලෙස
සුළඟ ගයන ගීය අනුව පුංචි සුමුදු පෙති විදහා
පසසව් එතුමා

රෑට ඈත අහසෙ සරන
තරු ලදුනේ ඔබව මැව්වෙ කව්රුදෝ කියව් කවුරුදෝ
සදාතනික දෙවිදුන්මය සදාතනික දෙවිදුන්මය ඒ
රන් තරුවේ ලදුනි මෙලෙස ලොව හැම දෙන නිදාගත්විට
රැහැයි ගයන ගීය අනුව නිල් අහසේ බැබලි බැබලි
පසසව් එතුමා