← Hymns බොදුන් ගී

නැගැ එන හිරු

නැගැ එන හිරු ඔබ දකින්නෙ පායන තරු සඳ දකින්නෙ
මගේ දිවියෙ අරුත ඔබයි මගේ පැතුම ඔබ පමණයි

පුන ගැයුම:

සොවුරු ජීවිතේ ඔබයි දෙවිදුනේ
ඔබයි දෙවිදුනේ අපේ ජීවිතේ

සයුරු කතරෙ නිම් වලල්ල ඔබව මාව තනි කලාද
ඈත ඈත ඇදෙන විටදි පවන දිගේ හසුන් එවමි

පවනට ඔඛෙ මුව තබන්න වචනෙ වචනෙ එක්කරන්න
පාවි පාවි ඒ පවනැලි මගෙ හුස්මට එක්කරන්න

අරුණ එළිය ඔබමැ වේවා ජීවය මගෙ දිස්න දේවා
ඇදි ඇදි ඡායා ලොව ඔඛෙ පෙම් වත මට ගෙනේවා

මගේ පැතුම ඔබ පමණයි ඔබගෙ පැතුම මට මුමුනයි
සැඟවි සැඟවී වැඩෙන ප්‍රේමෙ සැබෑ ලොවට කවද එයිද

මගෙ ආදර ජීවිතයට මිණි පහණයි දෙව් විමනයි
දේව නියම පැතුම ලෙසට සදා සැපත ඔබ සමඟයි