← Hymns බොදුන් ගී

දිව බොදුනෙන්

දිව බොදුනෙන් සවිමත් වී
දිව ඔසුවෙන් සුවපත් වී
කිතු සමිදුන් තුළ එකමුතු වමු අපි
එකම වූ සිරුරක අවයව වී

මාගේ සාමය ඔබට දෙමී
සාමය ඔබ ළඟ තබා යමී

සමිදුන් පැවැසූ වදන් මෙනෙහි කර
සමගි දමින් බැෙඳමූ

සොහොයුරු පෙම තුළ ජීවත් වන්නට
අදිටන් කරගෙන සමුගනිමූ