සුවඳ මල් තබා
පුන ගැයුම:
සුවඳ මල් තබා - පහන් දල්වලා
පුදමු දිවි අපේ - ජේසු සමිදුනේ
අපි සැමා මෙසේ - එකට එක්වුනේ
ඔබ නිසාම වේ - සාම කුමරුනේ
සුවඳ දුම් පුදා - රජෙකු බව කියා
වඳිමු ගී ගයා - සමිදු ජේසුනේ
සමිදු ගිය මගේ - යන්න අප වෙතේ
දෙන්න සැම බලේ - පෙමැති ජේසුනේ
දයා පෙම් වඩා - මෙලොව සත වෙතා
දිනෙක සග පුරෙ® - සැපත ලැබ දෙවා