← Hymns පිදීමේ ගී

මල් පහන් පුදා

පුන ගැයුම:

මල් පහන් පුදා පුදසුනේ තබා
මගේ හදේ සෙනෙහස මා ඔබට පුදනෙමී
සුහද සැවොම හා

මා අත් බව මගේ බවයි
මා සැනසෙන ආදරයයි
මා හද දිනු සෑම සුහදො
පූජාසනේ ඔබට පිදෙන්නේ //

මිනිස් උපත මා හට දුන්
පෙමැති අම්මා මගේ පියා
එකකුස හොත් සොහොවුරු කැළ
පූජාසනේ ඔබට පිදෙන්නේ //

කථා කරන වචන උගත්
ලියන කියන සිල්ප දුන්න
උගත් දැහැමි ඇදුරු හවුල
පූජාසනේ ඔබට පිදෙන්නේ //