දෑත වෙහෙසා හෙලූ දහඩිය
පුන ගැයුම:
දෑත වෙහෙසා හෙලූ දහඩිය ඔබට කැප කරලා
රැයද නිදි නොලබා මහන්සිය නොතකා
ඔබට පුදනට පඩුරු ගෙන එමි සතුට පිරි හදිනා
පඩුරු ගෙන එමු සතුටු හදිනා
දෙමාපිය හිත මිතුරු සැම හා//
ශ්‍රමය යොදලා දිරිය වඩලා //
පුදමු අප සතු සැමදෙ ඔබටා
පූපෙ ඔබ සිරිකයට හරවා
මිදිරසේ සිරි රුධිරෙ පොඟවා //
සමිෙඳ ආදර එන්න මා හා //
එහැර මට නැත කිසිත් සැපතා
මෙහෙල නිජබිම රකින සමිඳේ
අපගෙ ආදර තිඑක සුරිඳේ //
සුහද සමිඳේ පෙමැති දෙවිඳේ//
මුදනු මැන අප පවින නපුරෙ