← Hymns දේව මෑණියන්ට ගී

සුවඳ ජලේ පිපි

සුවඳ ජලේ පිපි කුමුදුනියේ
ලංකා මල් පොකුණේ
ඔබව නෙලා අප රත්රනියේ
රුවට හොවා මුදුනේ
මල් පූජා කරමූ ජේසුට ඔබව දෙමූ
ඔබව තබා අප හිස මුදුනේ
අපි ජේසුට මල් පුදමූ

පහන් දහක් දල්වා
හදුන් කොකුම් ගල්වා
ජයෙන් මගුල් ඛෙර ගසා නෙලා
ඔබ ඔබේ පුතුන් පුදමූ

ලිය කුලයේ සිළුමිණි ලලනී
ඔබ වෙත අපි හැරෙමූ
ඔඛෙ උණුසුම් තුරුලට පැමිණි
ජේසුට මල් පුදමූ

මල් මාලා ගොතලා ඉන් ඔඛෙ පා ඔතලා
ඔබව තබා අප හිස මුදුනේ
අපි ජේසුට මල් පුදමූ