මංගල වේවා
මංගල වේවා මෑණියනේ
ජය ජය මංගල වේවා
ඔබ පැසසේවා සෑම දිනේ
දෙව් මව සේ නැමදේවා
ඔබ මා මව සේ
රැක නපුරෙන් මේ දිවියේ
ඔඛෙ රූ බර වූ
වත මා වෙත යොමු වේවා
ඔඛෙ සිත හා මගෙ සිත සමවී
බැහැපත් ගතියෙන් සැරැසී
ඔඛෙ හද හා මගෙ හද සමවී
මා තුළ ජීවන වේවා
(නව වසරට)
මේ නව වසරෙ මෑණියනේ
ඔඛෙ තුරුලට අප ළංවී
අප ඉරණම ඔඛෙ අතේ තබා
නව උදයට පා තබමූ