← Hymns දේව මෑණියන්ට ගී

අපමණ සෙත මට

අපමණ සෙත මට සැලසූ සමිදුට
දිවි හිමියෙන් මම තුති පුදමී
අසරණ මා හට සරණ වු දෙවිදුට
නිරතුරු මම බැති ගී ගයමී

මාගේ ආත්මය සමිදින් ගැන උදම් / අනන්නේය
මාගේ හෘදය ගැලවුම්කාර දෙවිදින් තුළ පී්‍රති / වන්නේය
මක්නිසාදයත් එතුමාණෝ තම දාසියගේ අසරණ / කම කෙරෙහි
කරුණාවෙන් සිය නෙත් යොමු / කළ සේක
අහෝ බලන්න සියලු පරම්පරාවෝ/ මතු කලට
මට භාග්‍යවන්තී යයි කියන්නෝය
මක්නිසාදයත් බලවත් වූ තැනැන් වහන්සේ/
මට මහත් දේ / කළ සේක උන්වහන්සේගේ
නාමය සුවිශුද්ධය

උන්වහන්සේ උඩගු සිතැති සියලු දෙන /
සිය සිතුවිලි සමග විසිරවූ සේක
සාගින්නෙන් පෙලෙන්නන් / හොඳ දෙයින්
පෝෂණය කළ / සේක ධනවතුන් හිස් අතින්
යාමට සැලසූ / සේක
පිතා පුත්‍රයා සහ ශුද්ධාත්මයාණන්ට / තුති වේවා
දැනුත් සදහටත් මහි / මය වේවා