← Hymns දේව මෑණියන්ට ගී

ශ්‍රී ලංකා රාණි මෑණියේ

ශ්‍රී ලංකා රාණි මෑණියේ
තී්‍ර සිංහලේම මෑණියේ
දිනේ පබා නිදානියේ
දිනේ කුමාරි මෑණියේ

මෙදින මෑණියේ ඔබට කැපවෙමූ
ලංකා මෑණියේ ඔබව පුදනෙමූ
මියුරු මෑණියේ ඔබව නමදිමූ
ලංකා රාණියේ ඔබව පසසමූ

ලංකා දීපයේ දීපයයි ඔබ
ලංකා තූපයේ තිලකයයි ඔබ
ලංකා රූපයේ හැඩය වෙයි ඔබ
ලංකා රාජ්‍යයේ රැජින වෙයි ඔබ