සුවඳ කැකුළු
පුන ගැයුම:
සුවඳ කැකුළු පිබිදෙන්නට
ජේසු ඔබ හිරුයි
සිසිල සුවය අතුරන්නට
ජේසු ඔබ සදුයි
පුංචි අපට ජීවිතයම ජේසුනේ ඔබයි
ජීවිතයට සුවඳ සිසිල ජේසු අප ළඟයි
රටට ගමට සුවඳ වෙති ළමයි
දැයට සවිය හැදෙන පරපුරයි
මව්පිය ගුරු හැමට ලැදිව
දිවි ගෙවනට නිතර අපට
පිහිටට එනු මැනවි ජේසුනී //
සිහිය නුවණ දිවියෙ මඟ සදයි
පරම අමිල සමිදු තිළිණයයි
සව් සතවෙත සෙතම මිසක
විපතට එය කිසිම දිනක
ඉඩ නොම දෙනු මැනවි ජේසුනී //
සමිදු කෙතට සුවඳ සරු බවයි
සරුව පැහැණු ගොයම දෙවි බහයි
අස්වනු එක් රැස් කරන්න
මෙහෙකරුවකු ලෙසට එන්න
මා කැඳවනු මැනවි ජේසුනී //