බාලයන් මා වෙතට
පුන ගැයුම:
බාලයන් මා වෙතට - එන්න ඉඩ දෙනුයි
ජේසු කී වදන් මා - මතකයට නැගේ
ජේසු සමිදු නමට අපේ සිරස නමනවා
ජේසු සමිදු හදට අපේ හද ඔසවනවා
ජේසු සමිදු පෙමට අපේ පෙමද පුදනවා
ජේසු සමිදු වෙතට අපේ දෙපා නඟනවා
අපේ ගමන ජේසු වෙතට නැත වරදින්නේ
අපේ සිතැඟි ජේසුටමයි අපි පවසන්නේ
අපේ හඩට ජේසු තුමන් නිති කන් දෙන්නේ
අපේ යැදුම නැත එතුමන් ඉවත දමන්නේ
කිතුනු ළමා අපේ උරුම නැතිකරන්නෙපා
කිතුනු ළමා අපේ පැතුම් බොඳ කරන්නෙපා
කිතුනු ළමා අපේ සෙතට වින කරන්නෙපා
කිතුනු ළමා අපව මුලාවේ හෙළන්නෙපා