අණඛෙර ගසා
අණ ඛෙර ගසා හොරණෑ පිඹ ලොව පුබුදු කළා
මහ ජනතා රැස්වෙන තැන් සොයා බැලුවා
ජන පැසසුම් ලැබ ගන්නට තම නම උදෙසා
දුගින් හට දන් දුන්නත් පලක් නොවූවා
පුන ගැයුම:
රහසින් දකිනා දේව පියාණෝ
මා වංචා කරුවෙකු බව හොඳ හැටි දන්නෝ
විපාක ලෙස මා දඩුවම් ලැබුවෝ
කවදත් කොතැනත් මා හට ගැරහුම්
දණින් වැටී දෑත් ඔසව මොර හඩ නගලා
ජනයාහට පෙනෙන ලෙසින් දෙවිදු පැසසුවා
වීථී වලදි දෙවි විමනෙදි මුල් තැන ගත්තා
නමුත් සමිෙඳ ඔබ ඉදිරියෙ කිසිත් නොවූවා
විශාල කොට කදිමෙට බැඳ පඩුරු ගෙනාවා
පුදසුන වෙත පා නැගුමට මුලින්ම සිටියා
වංචාවත් කුහකකමත් සිතේ ඇති නිසා
ගෙනා පඩුරු පිදූවත් මට පලක් නොවූවා