← Hymns බොදුන් ගී

සමිදුන් ආත්මය

සමිදුන් ආත්මය මා සමඟයි
මා කැඳවා තෝරා ගන්නෝ
එතුමෝ මා ආලේප කළෝ //

සුවදන් දිළිදුට පැහැදිලි දෙසුමට
දෙසමින් රකිනට කියවිලි එලෙසට
සුසුමන් සිඳිනට සාගිනි නිවුමට
ජනයන් රැකුමට අවගුණ නැසුමට

පවසව් //
නොබියව පවසව්
දේව රාජ්‍ය උදා වුණෝ

කරදර වන විට කිවයුතු දේ ගැන
කිසි විට කරදර විය යුතු ඔබ නොව
දේව ජිවය කථා කරනු ඇත//

නොමඟට යන අය සුමඟට ගන්නට
අන්ධ වූ දනහට පෙනීම දෙන්නට
සදහම් සටනට පෙරමුණ යන්නට
සැම දෙන රැහැණින් අවගුණ නැසුමට

පවසව් //
නොබියව පවසව්
දේව රාජ්‍ය උදා වුණෝ