අපට ලොවක් ඇත
පුන ගැයුම:
අපට ලොවක් ඇත කදිම රටක් ඇත
ගමක් බිමක් ඇත ගෙයක් දොරක් ඇත
ඒ හැම දේ ගැන ඔබට පුදමු තුති දෙවි සමිඳේ
කන්න දෙයක් නැති
බොන්න දෙයක් නැති
කුසගින්නේ ඇති පොඩි දරුවන්
සුරකිනු මැන සමිඳේ //
ඉගෙන ගන්න නැති
පාසැල් යනු නැති
අත මිට හිඟ ඇති පොඩි දරුවන්
සුරකිනු මැන සමිඳේ //
ඉන්න ගෙයක් නැති
මහ මඟ වැතිරැ.ති
අනුන් පිහිට නැති පොඩි දරුවන්
සුරකිනු මැන සමිඳේ //