← Hymns බොදුන් ගී

ඉල්ල යදින දේ

පුන ගැයුම:

ඉල්ල යදින දේ ඔබට දෙනු ලැබේ
සොයන පතන දේ නොලැබ යනු නැතේ

ඉල්ලන දෙය එකවර බොහො විට දෙනු නොලැබේ
නැවත නැවත පලිගසා යදිනු පසු නොබා
එවිට එය ලැබේ ඔබට දෙනු ලැබේ

හිමි ඔබ හට හැකි වෙතැ සුව දෙන්න අප වෙතේ
දවිදු කුමර කරුණා පා දෙන්න කැමැත්තා
අන්ධ බව නැසේ එලිය ඔබ දිසේ

අහස් ගැබේ පක‍ෂි රෑන් තෘප්තිමත් කෙරෙ
විශ්වාසෙන් ඉල්ලු දේ දෙවිදු නිතර දේ
සැලෙන සිත් අපේ තිර කරනු පියේ