සුවදැති සුමුදු
සුවදැති සුමුදු
මල් සුපිරිසුදු
සොමි සඳට බදු
සුර මවට දෙමු
පුන ගැයුම:
කුමරි මරියනී
සුර දිනිතියෙනී
දරු අප පෙමිනී
සුරකිනු මැනවී
ඔබ සොමි බරය
කරුණා බරය
අප ආදරය
ඔබ හට තිරය
දරු සෙනෙහස පා
හද බැති පෙමපා
මරිය මව දෙපා
කරනෙමු පිණිපා
ජේසු කුරුසෙ දී
දැඩි පෙමිනි බැඳී
ඔබ මව කොටදී
සිය දිවිය පිදී