නිමල කුමරියේ
පුන ගැයුම:
නිමල කුමරියේ දේව දියණියේ
මරිය රැජිණියේ ඔබට මංගල වේ
පාපි සරණයේ ජේසු මෑණියේ
පවිටු අප වෙතේ සරණ වෙනු මවේ
ඒව දරුවූ අපට හිමි වූ ජම්ම කිළුටෙනා
දේව පුතුගෙ වරමින ඔබ මිදුණි නිතියෙනා
අදුරු ලොවෙහි ඥාාන එලිය දල්වනුය අනේ
ජේසු වෙතට යන මග පහදා දෙනු මව්නේ
දුබල අපගෙ රැකවරණය මරියනි ඔබ වේ
දුගිවු අපගෙ නිති සරණය මව්නි ඔබම වේ
බිළිදු ජේසු ඔබ තුරුලෙහි වැඩුනු විලසිනේ
අප දරු කැල රැක ගනු මැන ඔබ සළු සෙවනේ
ඔබ කුමරුගෙ මිදි උයනෙහි නිති සේවයටා
ලක් දරුවන් හට ලැබ දෙනු සුරිදුගෙ පිහිටා
අපගෙ පවුල් සැමටම ඔබ රැජිණිය වේවා
දෙව් රජිදුට අප සැම හද නිති කැපවේවා