← Hymns දේව මෑණියන්ට ගී

ඔඛෙ සෝබන අත් විහිදා

ඔඛෙ සෝබන අත් විහිදා
අප තුළ ඔඛෙ ගුණ පහදා
ඔඛෙ අදරින් අප සැමදා
පුරවා ලනු මැන මරියේ

පුන ගැයුම:

ලක්දිව ලක්සන මුතු මැණිකේ
කුංකුම චන්දන රන් දුනුකේ
සැම සොඳ සුවඳින් ඔබ සරසා අපි
කරමුව සිරි ලංකා තිලකේ

ඔඛෙ සුදු ගෙලැ ගී මාල දමා
මිණි මුතු මාල දමා
රන් මුතු මාල දමා
අප මුතු මුතු මැණිකේ
අප මුතු සිතු මැණිකේ

බැහැපත් සුකොමල ලීලා
සත් ගුණ රන් දම්මාලා
මුතු ලැල් මෙන් පලදාලා
විසුමට වර දෙනු මරියේ

දම් ගතියෙන් අප දැඩිවී
බැති ගතියෙන් සිත එඩිවී
දෙව් පෙම් දින දින වැඩිවී
විසුමට වර දෙනු මරියේ

ඔඛෙ හා මගෙ පණ එක්වී
ඔඛෙ පෙම්බර දරුවෙක්වී
ඔඛෙ විජයට මා ලක්වී
විසුමට වරදෙනු මරියේ