සමන් කැකුළු තුවරලා
සමන් කැකුළු තුවරලා සුමුදු සුවඳ දී
හද පතුලෙනි මතුව නැඟෙන බැතිය පුද දිදී
නමදිමු ලොව්තුරු අමා මවුනි පාතිමා
ඔබ තුරුලෙහි සෙවන අපට සුවය වේ සදා
පුන ගැයුම:
පාතිමා මවේ
පාතිමා මවේ
හැඩය පැහැය ඔබ රුවේ
මා හදේ මැවේ
මෙලොව සතට ඛෙදුනු ඒ මිහිර සුර පෙමේ
නිබඳව පිළිබිඹුව පෙනේ සොදුරු ඔබ මුවේ
කුළුණු බරය ඔබ ඉතා අපට පෑ මෙතා
මවුනි ඔබගෙ සරණ පිහිට පතති ලෝ සතා
පාතිමා හි කදුකරෙ පදුරු තුරු සිරෙ
පුදුම දසුන මගින් අපට පෑව ආදරෙ
පෙම්බර සුර කුමරියේ නිමල මෑණියේ
සිහිකරමින ඔබට යදිමු දින නිරන්තරෙ