රිදී වළා ගැබින් නැගෙන
රිදී වළා ගැබින් නැගෙන කුමරි කව්රුදෝ
අඹරෙ දිනිදු වතසෙ දුලෙන මුහුණ කාගෙදෝ
කුළුණු බරින් කදුළු සැලෙන දෙනෙත කාගෙදෝ
කොමළ මුවින් මා සනසන රැජිණ කව්රුදෝ
පුන ගැයුම:
දේව දිනිති ඒ දෙව් කුමරිය ඒ
සමිදු දාසි ඒ සගයෙ රැජිණ ඒ
මල් කුමාරි ඒ හෙළ රැජිණිය ඒ
දේව මෑණි ඒ අපෙ අම්මා ඒ
මිසර දෙසට කුමරු රැගෙන ගියේ කව්රුදෝ
කුරිරු රජුගෙ අතින් ජේසු මිදුවෙ කව්රුෙදෝ
මෙහෙළ බිමට අප රකිනට වැඩියෙ කව්රුදෝ
කියනු කියනු හෙළ වැසියෙනි එතුමි කව්රුදෝ