← Hymns දේව මෑණියන්ට ගී

සුර ලොව රාජිණියේ

සුරලොව රාජිණියේ මෙදිනේ
තුති දෙමු ඔබ හට පෙම් හදිනේ
ඔබ මහිමා ගයමුව නිතිනේ
ඔබ සරණා යදිමුව බැතිනේ

පුන ගැයුම:

මංගල වේ ජය මංගල වේ
ජය මංගල වේ ඔබ හට මෙදිනේ
අප පෙම්බර මවුනී රන් බර රැජිණි
වේ තුති වේ ඔබ හට නිතිනී

සඳ මඩලෙන් ඔබ පාද දිලේ
තරු කිරුලෙන් ඔබ හිස බැබලේ
හිරු රැස මෙන් ඔබ ගත දිලිසේ
ලොව සැම තැන ඔබ රුව පැසසේ

පවිටු අපේ කුළුණැත් මවුනී
දුබල අපේ බලවත් රැජිණි
දුගිවු අපේ නිති සරණයෙනී
සෑම සිරිත් පිරි කන්නියනී