← Hymns දේව මෑණියන්ට ගී

උදයෙ පිපුණු

උදයෙ පිපුණු නෙලුම් මලක ඔබව පෙනෙනවා
සුවඳ සමන් පිච්ච වැලක ඔබව පෙනෙනවා
දිලෙන සුපුන් සඳ විලසින් ඔබව පෙනෙනවා
සුර රැජිණියෙ සුර රැජිණියෙ ඔබව පෙනෙනවා

නිල් ගුවනේ තරුවැල් මැද ඔබව මැවෙනවා
ඈත ඇදෙන පවන් පොදක ඔබව මැවෙනවා
සවන ගැටෙන ගීත වැලක ඔබව මැවෙනවා
සුර රැජිණියෙ සුර රැජිණියෙ ඔබව මැවෙනවා

නෙත.ග රැදුණු ඔබේ බැල්ම අපේ ජීවයයි
හදෙහි රැදුණු ඔඛෙ සෙනෙහස අපේ ජීවයයි
මුව.ග ලෙලෙන අදර කැල්ම අපේ ජීවයයි
සුර රැජිණියෙ සුර රැජිණියෙ අපේ ජීවයයි

හදෙහි බැදුණු පව් දුරුකර දෙන්න මෑණියේ
ගතෙහි දුබල බව පහකර දෙන්න මෑණියේ
ජේසු පුතුට අප ළංකර දෙන්න මෑණියේ
සුර රැජිණියෙ අප ළංකර දෙන්න මෑණියේ