නන් වර ලැබදී
පුන ගැයුම:
නන්වර ලැබදී මට සෙත සැලසූ
දෙවි සමිදුන් හට තුති පුදමී
අසරණ මා හට සෙත සැලසූ
දෙවි සමිදුන් හට තුති පුදමී
මගෙ හද මගෙ සිත මා මිදු දෙවි වෙත පසස ගයා මම තුති පුදමී
ඒ කිමයත් තම දාසියගේ දීනතාව ගැන සැලකූවෝ
මෙතැන් පටන් හැම පරම්පරා මා පින් වතියයි පවසන්නෝ
බලවත් දේ මට කළ උතුමන් නාමය සැමදා සුවිසුදු වේ
බැතිමත් අය වෙත එතුමන්ගේ දයාව සැමදා පවතින්නේ
ඔබ තුම උඩගුවු සියලු දෙනා සිතිවිලි සමඟින් විසිරෙව්වා
මනහර නිරිදුන් පහතහෙලා බැගෑ සිතැත්තන් උසස් කළා
සාගිනි ඇති අය සතපවලා ධනවත් අය හිස් කැරැ යැව්වා
අප පිය වරුනට වදාළ සේ මෙහෙකරු සැමටම සරණ වුණා
පිත්පුත් සුදතුම් හට සැමදා මහිමය අත් වේවා සැමදා