මංගල සිරිමවලා
පුන ගැයුම:
මංගල සිරි මවලා ඔඛෙ ගුණ පසසාලා
ඔබ දෙපයේ වැටිලා මවෙ ඔඛෙ සරණෙ එමූ
ජය ගී ගයලා වැඳ වැටිලා ඔබ වෙත නෙත් යොමලා
දෝත නගාලා අසිරි පතා ඔබ දෙපතුල වැටෙමූ
කරදර බාධක අතර තුරෙ ආසිරි වස්වාලා
නන්වර ලැබදී අප සුරැකී ඔබ දෙපතුල වැටෙමූ
ඔබ සරණය පා ඔබ වෙත ආ දස දහසක් ජනයා
ඔබ හට තුති දී ගීත ගයා ඔබ දෙපතුල වැටෙමූ
සැම හට සාමය නිති ලැබ දී නපුරෙන් මුදවාලා
ඔබ අප සැමදා සුරමවෙනී වඳිනෙමු මෑනියනේ
ඉර හඳ පවතින සෑම දිනේ ඔබ අප මෑණියවේ
ඔබ සළු සෙවණේ අප හැමදා රැකගනු මෑණියනේ