← Hymns දේව මෑණියන්ට ගී

මුහුදෙ දුලන

පුන ගැයුම:

මුහුදෙ දුලන තරුව නමෝ මරියෙනී
දෙවිදු සුහද මා මරියෙනී
කුමරි වතින් නිතින් දිලෙන්නී
පහන් දොර සගේ මරියෙනී

ගබිරියෙලුන් කියා පෑ
නමෝ සෙඳස ගෙනැ අසා //
මකා ඒව දොස පුරා
අපව සාමෙ පිහිටුවා

පැවියන් බැමි පුපුරවා
අඳවුන් සිත පහදවා //
විපත් අපේ පන්න දා
හැම යහපත සලස්වා

අප සඳහා කුසිනො බේ
උපන් පුතුට යැදුම.පේ //
ඔබතින් පිළිගැන්නෙවා
ඔබ අප හට මව් වෙවා