ජේසු අම්මෙ
ජේසු අම්මෙ මේ අහන්න
ඔඛෙ දෑතට තුරුලු වන්න
සුදු සළු කොණ අල්ල ගන්න
මට හරි ආසයි //
ජේසු අම්මෙ මේ අහන්න
ඔඛෙ රසබර බස් අහන්න
ඔඛෙ ඔවදන් පිළිපදින්න
මට හරි ආසයි //
ජේසු අම්මෙ මේ අහන්න
ඔඛෙ රැකවරණය ලබන්න
ඔබේ උදව් පතා ඉන්න
මට හරි ආසයි //
ජේසු අම්මෙ මේ අහන්න
ඔඛෙ අත ගෙන පිය මනින්න
ජේසු ළඟට හෙමින් යන්න
මට හරි ආසයි //
ජේසු අම්මෙ මේ අහන්න
සුර පුර වෙත ළඟා වෙන්න
සුර සැප මේ යයි දකින්න
මට හරි ආසයි //