← Hymns දේව මෑණියන්ට ගී

මගෙ අත් බව

මගෙ අත් බව හිමිපාණන් වනයි බබුළුවා
ගැලැවුම් කරු මගෙ දෙවිදුන් තුළැ ම සිත තුසී

තම දැස්සගෙ බැහැපත්කම එතුමෝ තැකුවෝ
මෙවක් පටන් හැම පරපුර කියති ම මහ බා

සබල තුමෝ මා සඳහා පුදුම සිදුකළෝ
ඔවුන් වහන්සේගේ නම හේළි මැ හේළී

එතුමන් හට බියැ.ලූම් ඇති කාටත් එතුමෝ
කපෙන් කපට එතුමාණන් දයාව පෑවෝ

බලේ එතුම බාහුවේ ද එතුමෝ දැක්වූ
උඩගු සිතින් දැපුණු වූවන් විසුරුවා දැමූ

බලවතුන්ව උස් අස්නෙන් පහතට හෙළුවෝ
බැගෑ පහත් සිත් ඇතියන් නඟා සිටෙව්වෝ

සාමතුන්ව හොඳ දෙයින් මැ පුරවා ලූවෝ
දනවතුන්ව හිස් අතින් මැ පන්නා දැම්මෝ

ඉස්රයේල තම දස්සට කරුණා දැක්වූ
ඔවුන් වහන්සේගෙ දයා ගුණ කඳ සැදැ හූ

ආදි පිතුරු ආබ්‍රහමුන් හට වදාළ සේ
එසේ ඔවුන් පරපුරටත් සෙත නිති සැලසූ

පිත් පුත් සුදතුන් සුරිදුන් තියෙක දෙවිදුටා
තුති පැසැසුම් මහිමේ හා නිති හිමිවේවා