තේජ බරිත
පුන ගැයුම:
තේජ බරිත පිය සඳේ පෙමැති දරු අපී
මගුල් කියමු මේ දිනේ ආදරෙන් පිරි
ආත්මෙ මගේ පසසන්නේ දේව සමිදුනේ
පී්‍රති සතුට මා තුළ වෙයි මිදූ දෙවිදුනේ
බැගෑ බවේ මෙහෙකාරිය බැවින් සුදු බවේ
සකල දනෝ පසසයි ඔබ සදා ලැදි බවින්
තේජ උතුමො කළේ සියල් මහත් තෙද ඇති
පරම් පරා ගණන් නොවේ මහිමෙ ලැබ ඇති
උඩගු දනන් පහත හළේ දේව හස්තයෙන්
බැගෑ සැමට ආසිරි දී මෙත් වඩවන්නේ
පියෙනි පුතුනි ඔබහට වේ සදා මහිමයෙන්
සුදත් උතුම් හිමියන්ටත් වෙවා තුති නිතින්තේජ බරිත