← Hymns දේව මෑණියන්ට ගී

අම්මා පුදන්නයි

අම්මා පුදන්නයි දරු අප එන්නේ
ලස්සන තුරු ලිය පවනෙ ලෙලෙන්නේ
සැම දෙස කුසුමින් හිනැහි බලන්නේ
දරු කැල මල් ගෙන මව වෙතැ එන්නේ
අම්මා පුදන්නයි දරු අප එන්නේ //

මඳ නල දස අත ගත පිනවන්නේ
අම්මාගෙ ආදරෙ අපට කියන්නේ
දරු කැළ බැතියෙන් හද ඔසවන්නේ
අම්මා පුදන්නයි දරු අප එන්නේ //

සුසුදු නිමල මව් සරණෙ පතන්නේ
ඔබ දරු දැරියන් රකින්නැ පෙමිනේ
දින දින දෙව් පෙම වඩමින් සොඳිනේ
අම්මා පුදන්නයි දරු අප එන්නේ //

සුර මව් කුමරිය ආදර මව්නී
දරු කැල වෙනුවෙන් යදින්නැ රැජිණී
ඔබ පුතු දින දුන් සගපුර පැමිණි
දෙවිදු දකින්නයි දරු අප එන්නේ //