ලිලිය සේය
ලිලිය සේය බොහො යසේය ඔබ දිසේය මරියනී
සෙවන සේය ඔබ කුසේය දෙවි වෙසේය මරියනී
අදරි මෙන්න සපළ දන්න සනිරයෙන්න මරියනී
මවෙත එන්න ලිබනයෙන්න මහද දෙන්න මරියනී
නම මරිය බොඅදරිය ම.කුමරිය මරියනී
සැම සිරිය ඔබ පිරිය පෙම්බරිය මරියනී
ඔබට ගැතිව අදර ඇතිව දරුසේ බැතිව මරියනී
නොකැලැලැතිව හද පෙමැතිව දෙමු කැමතිව මරියනී
දින දිනේය අප සෙනේය ඔබටනේය මරියනී
ඔබ සෙනේය දෙනු මැනේය දින දිනේය මරියනී