වනව් බබුළුවා
පුන ගැයුම:
වනව් බබුළුවා හිමි පා නමට ගී
පසස ගය ගයා
හිමි පා මේ කරුවනේ
සිදුතන් මුර කරුවනේ
සිදු තැනේ මණ්ඩපේ
පසසව් අප දෙවි සදා
ගුණ මැ ගුණ කදාණනේ
සිරි බර හිමිපාණනේ
පසස ගී හඩ නගා
වනව් නම ප හිමි සදා
ජකෝබු පෙළ සනුහරෙ
වෙසෙසා ගත් හිමි සඳේ
උරුමො බේ ලෙසින් ඒ
ඉස්රයෙලුන් තේරුණේ
ඔබ මැයි හිමි උතුමණෝ
සියලු මුරුන් දෙවි සුරෝ
ඉටන සේ කරන්නෝ
වෙති ඔබ හිමිසදාණෝ
අහස ඉහළ මඩුල්ලේ
පොළොවෙ සතර දිසාවේ
සමුදුරෙ ගබතුරෙ
සියලු දේකැ හිමියණෝ