← Hymns දිව්ය පූජාව ගායනා පූජා සදහා ගී

සුරලොව වැජඹෙන

සුරලොව වැජඹෙන දෙවිදුට මහිමය
මිහිමත සිත් හොඳ දන හට සාමය

දෙවි සමිදුනි සුර රජිදුනි මහ බල ඇති දේව පියෙනි
ඔබ පසසමිනා ගුණ ගී ගයනා
ඔබ වැඳ පුදනා මහිමය කියනා
මහිමය හන්දා පින්දී වැන්දා

ජේසු කිතුනි දෙවි සමිදුනි ඒක ජනිත දේව පුතුනි
ලෝ පව් හරිනා කළමැන කරුණා
පියදෙවි පසිනා සුදතුන් සමඟා
පුත් කිතු සමිදු පිළිගෙන යැදුමා

ජේසු කිතුනි ඔබ සුදුමය පරම උතුම් සමිදු ඔබය